ගෞතම බුදුන් වහන්සේ විසින් ඉගැන්වීම් බුදුදහම ලෙස හැඳින්වේ. අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේ ගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි. 👉වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 💥 වෙනත් ලිපි 🙏 ඉන්දියාවේ බුදු දහම ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක. ..... 🙏 බෞද්ධ ඉතිහාස මිනිසාගේ ඉති...
හින්දු ආගම අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව : हिन्दू धर्म , හින්දු ධර්මය , सनातन धर्म , සනාතන ධර්මය ) ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවය ලත් ආගමික සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින ලොව තුන්වන විශාලම ආගම වේ. භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉 මහාභාරතය (ප්‍රවර්ගය හින්දු ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි. එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය ඉලියඩ් සහ ඔඩිසි ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ රාමායණයේ දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...