Skip to main content

විවිධ නව සොයාගැනීම් සහ පරිගණක

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

විසිවැනි ශතවර්ෂයේ මැද භාගයේ, අතළොස්සක් විද්‍යාඥයෝ බුද්ධිමත් උපකරණ නිපදවීමට නව පිවිසුම්‍ මාර්ගයක් ආරම්‍භ කළහ. එය, ස්නායු විද්‍යා‍ෙව් නූතන සොයාගැනීම්‍, තොරතුරුවල නව ගණිතමය සිද්ධාන්ත, යන්ත්‍රවල හා ජීවීන්ගේ සන්නි‍ෙව්‍දනය හා ස්වයංක්‍රීය පාලන ක්‍රම පිළිබඳ විද්‍යා‍වේ පාලනය හා ස්ථායීතාවය පිළිබඳ අවබෝධය, සහ ඒ සියල්ලටම වඩා ගණිතානුකූල තර්කනයෙන් උපුටා ගත් හරය මත රඳා පවතින උපකරණය, සංඛ්‍යාංක පරිගණකය සොය‍ා ගැනීම මත රඳා පැවතුණි.

👉 පරිඝණක

  1. 1975 දි බිල් ගේට්ස් සහ පෝල් ඇලන් යන දෙදෙනා විසින් මයික්‍රෝ පරිගණක සෑදීම ආරම්භ කරණ ලදී.
  2. එම් එස් ඩොස් (MS DOS) මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකය 1981 දී වෙළඳපොළ වෙත ඉදිරිපත් කරණ ලදී.
  3. ප්‍රථම වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 1.0 ලෙසින් 1985 නොවැම්බර් 20 වෙනිදා වෙළඳපළට නිකුත්කරන ලදී.
  4. දෙවන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 2.0 ලෙසින් 1987 නොවැම්බර් 09 දින වෙළඳපළ වෙත නිකුත්කර ඇත.
  5. තෙවන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 3.0 ලෙසින් 1990 මැයි 22 දින වෙළඳපළ වෙත නිකුත්කර ඇත.
  6.  වින්ඩෝස් 3.1 ලෙසින් 1992 මාර්තු මස වෙළඳපළ වෙත නිකුත්කර ඇත.
  7. වින්ඩෝස් 95 සංස්කරණය 1995 අගෝස්තු 24 දින මුදාහැර ඇත.
  8. ඊළඟ වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 98 නම් විය.
  9. 2000 සැප්තැම්බර් 14 දින වින්ඩෝස් මී සංස්කරණය ඉදිරිපත් කරණ ලදී.
  10. ඊලඟ සංස්කරණය වින්ඩෝස් 2000 නම් විය
  11. 2001 ඔක්තෝම්බර් 25 දින වින්ඩෝස් එක්ස්පී සංස්කරණය වෙළඳපළට ඉදිරිපත්කරන ලදී.
  12. වින්ඩොස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය 2014 අප්‍රියෙල් මස සිට අතහැර දමන ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරන ලදී.
  13. 2007 ජනවාරි සිට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදෙන ලදී
  14. 2009 ජූලි 22 දින වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී.
  15. 2012 ඔක්කෝම්බර් 26 දා වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී.
  16. 2013 අගෝස්තු 27 දින වින්ඩෝස් 8.1 සංස්කරණයෙන් ස්ටාට් බට්න් එක එක්කරන ලදී.
  17. 2015 ජූලි 15 වෙනිදා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කරණ ලදී.
  18. 2014 ජුනි 05 දා සිට චීන රජය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තම රටේ භාවිතා කිරීම නිල වශයෙන් තහනම් කරන ලදී.   

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා