Monday, November 9, 2015

ආසියාව

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ආසියාවේ රටවල්  කොඩි සහ විස්තර බලාගැනිමට මේ මාතාකාව මත ක්ලික් කරන්න.

💥 ආසියාව ලෙස ගැනෙන භෞතික භූ කලාපයට අයත්වන්නා වූ රාජ්‍යයන් සමූහය.

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.

02. ඉන්දුනීසියා ජනරජය 

ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි.

(චීන: 中国; පින්යින්: Zhōngguó), නමින් හැඳින්වෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවයි (PRC; චීන: 中华人民共和国; පින්යින්: Zhōnghuá Rénmín Gònghéguó), නැගෙනහිර ආසියාවේ රටකි. එය බිලියන 1.5කට වඩා වැඩි ජනගහනයක් සිටින ලොව දෙවනුවට වැඩිම ජනගහනයක් සහිත රටයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, භූගෝලීය කාල කලාප පහක් පුරා විහිදෙන අතර රටවල් 14කට මායිම් වන අතර, රුසියාවෙන් පසු ලෝකයේ ඕනෑම රටකට වඩා දෙවැනි ස්ථානයයි. දළ වශයෙන් වර්ග කිලෝමීටර් මිලියන 9.6 ක (වර්ග සැතපුම් 3,700,000) ප්‍රදේශයක් ආවරණය වන පරිදි එය ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වේ.  

දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි. බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ‍ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනයනේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.

නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය ‍කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය.

තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. ‍ මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. 

(නිල නාමය: වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව) ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර හැනෝයි ලෙස නම් කෙරිණි. 

(ස්වදේශික නාමය සිංහපුර, නිල නාමය රිපබ්ලිකා සිංහපුරා) මලයා අර්ධද්වීපයේ දකුණු කෙලවරේ පිහිටි සමකයට කිලෝමීටර් 137ක් උතුරින් පිහිටි අග්නිදිග ආසියාතික රටකි.

(අසන්නi/ˈfɪləpnz/ FIL-ə-peenzTagalogPilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. 

මහජන චීන ජනරජය විසින් පාලනයවන විශේෂ පරිපාලන (Hong Kong Special Administrative Region of the People's Republic of China) කොටස් දෙකෙන් එකකි. අනින් එක මැකාඋ වේ. සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1104 කි.

ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ.

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. 

සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්කටාර්බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. 

යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාවමධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි.

ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. 

ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.

රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් විය‍ට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. 

අග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයක් වන මියන්මාරය නිළ වශයෙන් මියන්මාර් මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන අතර බුරුමය ලෙසද හඳුන්වයි. බටහිරින් ඉන්දියාවට සහ බංග්ලාදේශයටත්, නැගෙනහිරින් තායිලන්තයට සහ ලාඕසයටත් උතුරින් සහ ඊසාන දිගින් චීනයටත් මායිම්ව පිහිටි මියන්මාරය එහි පරිමිතිය වූ කි.මී. 

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයටඋස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත.

නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.

දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

ඉංග්‍රීසිමෙම ශබ්දය පිළිබඳ මොංගෝලියා  (මොංගෝලියානු: [මෙම ශබ්දය පිළිබඳ මොංගෂ් ඔෂ් , වචනාර්ථය මොංගල් රට/රාජ්‍යයError: {{Lang}}: text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ.

(ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.

(නිල නාමය: ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේබෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.

රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. 

ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි.

නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කියර්ගිස්තානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය.

හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට  උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්‍ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. 

නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. 

නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. 

අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන‍‍්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. 

අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.

එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබිඩුබායිසාජාඅජ්මාන්උම්-අල්, කුවේන්, රස්-අල්කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 

34. ක්‍රිස්මස් දූපත 

යනු ඕස්ට්‍රෙලියානු බාහිර ප්‍රදේශයකි. ක්‍රිස්මස් දූපත ජාවා සහ සුමාත්‍රා දූපත්වලට දකුණින් කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති අතර ඕස්ට්‍රෙලියානු භූමියේ සමීපතම ස්ථානය සිට වයඹ දෙසින් කිලෝමීටර් 1,550 (සැතපුම් 960) ක් පමණ වේ. වර්ග කිලෝමීටර් 135 ක් (වර්ග සැතපුම් 52) ක් ඇත. ක්‍රිස්මස් දූපතේ පදිංචිව සිටින්නේ 2000 කට වඩා ජනගහනයක් පමණි.

35. භූතාන රාජධානිය 

යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.

36. පලස්තීනය 

(අරාබිفلسطين‎ FilasṭīnFalasṭīnFilisṭīnග්‍රීකΠαλαιστίνηපලෙයිස්ටිනේලතින්පලෙස්ටීනාහීබ්‍රෑ: פלשתינה පලෙස්ටිනා) යනු, මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීමට, වෙනත් නම් වලට අමතරව යෙදෙන ගතානුගතික නාමයකි.

37. යේමන ජනරජය 

නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. 

38. කීර්ගිස්තානය 

නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය.

39. බෲනායි 

නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. 

40. ජෝර්දානය 

අරාබිالأردن‎ al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබිالمملكة الأردنية الهاشمية‎ al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.

41. ටර්ක්මෙනිස්තානය 

(අසන්නi/tɜrkˈmɛnɪstæn/ හෝ අසන්නi/tɜrkmɛnɪˈstɑːn/ටර්ක්මෙන්: [TürkmenistanError: {{Lang}}: text has italic markup (help)තුර්කි උච්චාරණය: [tyɾkmeniˈθtan]) යනු මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය වයඹ දිගින් කසක්ස්තානයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් උස්බෙකිස්ථානයෙන් ද, ගිනිකොණ දිගින් ඇෆ්ගනිස්ථානයෙන් ද, දකුණින් සහ නිරිත දිගින් ඉරානයෙන් ද, බටහිරින් කැස්පියන් මුහුදෙන් ද මායිම් වී පවතී.

42. නැගෙනහිර ටිමෝරය 

(අසන්නi/ˈtmɔr/, අහන්න) ටිමෝර්-ලෙස්ටේ ලෙසද හැඳින්වේ.(/tiˈmɔr ˈlɛʃt/පෘතුගීසි උච්චාරණය: [ti'moɾ 'lɛʃ.tɨ];), නිල වශයෙන් ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (පෘතුගීසිRepública Democrática de Timor-Leste,) අග්නිදිග ආසියාවේ දූපත් රටකි. එය ටිමෝර් දිවයිනේ නැගෙනහිර අර්ධය, වයඹ අර්ධයේ ඔයකසී එක්ස්ක්ලේව් සහ කුඩා දූපත් වන අටවුරෝ සහ ජැකෝ වලින් සමන්විත වේ. 

43. කුවේට් 

රාජ්‍යය ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි. එය ඊසාන අරාබි අර්ධද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණින් සවුදි අරාබියාව, උතුරින් ඉරානය, වයඹ දෙසින් ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම, දිය ලග පිහිටි බලකොටුව යන අර්ථය දැක්වේ. 

44. ටජිකිස්ථානය 

ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. 

45. මකාවෝ 

යනු, මහජන චීන ජනරජයේ විශේෂ පරිපාලන භූමිප්‍රදේශ දෙක අතුරින් එකක් වන අතර, අනෙක වන්නේ හොංකොංය.

46. බහරේන් 

බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි.

47. බ්‍රිතාන්‍ය ඉන්දීය සාගර බල ප්‍රදේශය (මෙම කලාපය පිළිබඳව සිංහල සටහන් දැනට නැත. මෙම සටහන ඉංග්‍රීසි බසිනි එය සිහල බසට පරිවර්තනය කරගැනිමට හැකියාව ඇත.)

48. ඕමාන් 

ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ. 





   

No comments:

Post a Comment