Skip to main content

පර්යේෂණ

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

දැනුමේ ප්‍රමාණය වැඩි දියුණු කරගැනීමට ක්‍රමානුකූලව සිදු කරනු ලබන නිර්මාණාත්මක කාර්යයකි, මෙයට මිනිසාගේ දැනුම, සංස්කෘතිය සහ සමාජය, සහ නව භාවිතයන් සොයා ගැනීමට මෙම දැනුම යොදා ගන්නා අයුරු අඩංගු වේ. එය තොරතුරු පිහිටුවන්න සහ තහවුරු කරන්නට, පෙර කාර්යන්හි ප්‍රතිඵල යලි ගොඩ නගන්නට, නව හෝ පවතින ගැටළු නිරාකරණය කිරීමට, සිද්ධාන්ත වලට සහය දැක්වීම හෝ නව න්‍යායන් ගොඩ නැගීමට යොදා ගනියි. පර්යේෂණ ව්‍යාපෘතිය ක්ෂේත්‍රයේ පසුගිය කාර්යක විකාශනයක් වන්නටද පුලුවන. මෙවලම් වල, ක්‍රියාපටිපාටි වල,හෝ පරීක්ෂණ වල වලංගුතාවය පරීක්ෂා කිරීමට, පෙර ව්‍යාපෘති වල අංගයන් හෝ සමස්ත ව්‍යාපෘතියම පර්යේෂණය මගින් නැවත පිටපත් කරයි. මූලික පර්යේෂණයක ප්‍රධාන අරමුණු වනුයේ (ව්‍යවහාරික පර්යේෂණයට ප්‍රතිවාදීව) ලේඛණගත කිරීම, අනාවරණය කර ගැනීම, අර්ථකථනය හෝ මිනිස් දැනුම වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන ක්‍රම, සහ පද්ධති යොදා ගැනීමයි. පර්යේෂණයට අදාල ප්‍රවේශයන්, මනුෂ්‍යත්වය සහ විද්‍යාව යන දෙකම සහ දෙක අතර සැලකිය යුතු ලෙස දෝලනය වන ඥානවිභාගයන් මත පදනම් වේ. පර්යේෂණයහි විවිධ ස්වරූපයන් වේ: විද්‍යාත්මක, මානව ශාස්ත්‍ර, කලාත්මක, ආර්ථික, සමාජයීය, ව්‍යාපාර, අලෙවිකරණ පර්යේෂණ, වෘත්තික පර්යේෂණ ආදිය.
අදාල ප්‍රතිඵලය නොලැබුණු විට කල්පිතය අසත්‍ය වන තීරණාත්මක කල්පිතයක් පරීක්ෂා කරනු ලැබේ. (එනම් ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍යයට අනුමාන කර ඇති පරිදි බලපෑම් නොකරන බව පෙන්වන පර්යේෂණ) කෙසේ නමුත් එවැනි ශුද්ධ යෙදීම් ඉතා විරලය. මන්ද පරීක්ෂණය නිසි පරිදි පාලනය නොකිරීම , ස්වායත්ත විචල්‍ය වලංගු නොවීම හෝ පරීක්ෂණයේ විවිධ දෝශ අඩංගු වීම වැනි පදනම්වලදී ප්‍රතිඵල අභියෝගයට ලක්විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය, ප්‍රත්‍යුත්පාදන හැකියාවේ හා අභිසාරී සාධක (බාහිර වලංගු බව බලන්න) වල අවශ්‍ය මත නිර්මාණය විය. පර්යේෂණ නිර්මාණය කිරීම, විද්‍යාත්මක ක්ෂේත්‍රයේ අවශ්‍යතා හා සීමා තුලනය කිරීමට උත්සාහ කරයි.
අනුව මනෝ විද්‍යාව ස්වභාවික මනෝ විද්‍යාවක් ලෙස ද පර්යේෂණයට බඳුන් කළ හැකි පථයක් ලෙස ද සැලකේ. බොහෝ පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයින් පර්යේෂණයන් හැර අනෙකුත් අන්වේශනය කිරීමේ ක්‍රම පිළිබඳ සැක උපදවති. විශේෂයෙන්ම සායනික සහ වර්ධනාත්මක මනෝ විද්‍යාවේ භාවිතා වන රෝගී අධ්‍යයනය, සහ සම්මුඛ සාකච්ඡා අඩු වශයෙන් යොදා ගැනීමට නැඹුරුතාවයක් දක්වති.
ඉපැරණි ව්‍යුහ හෝ මානව කෘති වැනි පුරාවිද්‍යාත්මක ප්‍රභව ද්‍රව්‍යමත පදනම් වු හල්පිත හෝ උපකල්පන නිර්මාණය කිරීමට හා‍පරීක්ෂා කිරීමට විවිධක්‍රම, තාක්ෂණ, විශ්ලේෂණ හා පිවිසුම් සේවයෙහි යොදවයි. මෙය, සාමාන්‍යයෙන් විනෝදාංශයක් හෝ විනෝදකාමි මාධ්‍යයක් ලෙස ගන්නා හෝ විශේෂිත ඓතිහාසික යුගයක ශුංගාරාත්මක වටපිටාව නිරූපණය කිරීමට යොදා ගන්නා කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්ෂි, ජීවි ඉතිහාසය හෝ ඓතිහාසික නැවත පැනවීම සමග නොසලකන මූලික තාක්ෂණික ක්‍රමය සමග පටලවා නොගත යුතුය.

💥 පර්යේෂණ හා සම්බන්ධ විවිධ ලිපි මතෘකා පහත දැක්වේ. 

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා