Monday, November 9, 2015

පාසල්

ඔබට අවශ්‍ය තොරතුරු වෙත ලඟාවිමට අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 

අප අඩවිය විසින් අතන්තර්ජාල පුස්තකාලයක් ලෙස ඔබට අවශ්‍ය විවිධ තොරතුරු වෙත ලඟාවිමට සහයවනු ඇත.

පාසල 

යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සඳහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ්‍රයන් සහ ඉගෙනුම් පරිසරයන් සැපයීමේ අරමුණින් සැලසුම්කරන ලද ආයතනයක් වේ. බොහෝ රටවල සාමාන්‍යයෙන් අනිවාර්ය වූ විධිමත් අධ්‍යාපන පද්ධතීන් පවතී. මෙහි දී සිසුහු පාසල් මාලාවක් තුළින් ස්වකීය ප්‍රගතිය සාක්ෂාත් කරගනිති. මෙම පාසල් සඳහා විවිධ රටවල විවිධ යෙදුම් භාවිත වන නමුත් බාල දරුවන් උදෙසා ප්‍රාථමික පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ගැටවර පිරිස් වෙනුවෙන් පවතින ද්විතීයික පාසල් ප්‍රධාන වේ. උසස් අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන පොදුවේ විශ්වවිද්‍යාල යනුවෙන් හැඳින්වේ.මෙම මූලික පාසල්වලට අමතර ව සමහර රටවල සිසුහු ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට පෙර මෙන් ම පසු ව ද පවත්වනු ලබන විවිධ පාඨමාලාවන් හදාරති.

No comments:

Post a Comment