Skip to main content

දේශපාලනය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

Political.jpg👉 දේශපාලන විද්‍යාව යනු රාජ්‍යය, රජය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයනයට අදාළ සමාජ විද්‍යා ශික්ෂණයකි. දේශපාලනය විවිධ ඓතිහාසික සන්දර්භ වලදී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් හා විවිධ තේරුම් ද සහිතව ද ඉදිරිපත් වී ඇත. ඉංග්‍රීසි භාෂවේ politics යන යෙදුම සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දේශපාලනය වශයෙනි. ඒ නිසා බොහෝ දෙනෙකු දේශපාලනය (politics) යනු දේශය පාලනය කිරීම වශයෙන් අර්ථ ගැන්වීමට යොමු වී ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් මෙවැනි අර්ථ දැක්වීමකින් දේශපාලනය යන යෙදුමෙහි අන්තර්ගත වන අර්ථය කිසිසේත්ම පැහැදිළි වන්නේ නැත. වෙනත් ආකාරයකින් කියනවා නම් එය දේශපාලනය අසම්පුර්ණ ලෙස අර්ථ ගැන්වීමකි. ඇතැම් විට ජනප්‍රිය තලයේදී , එනම් එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනය අත් දකින ආකාරය අනුව එවැනි අර්ථ ගැන්වීමක් ප්‍රමාණවත් විය හැකි වුවත් දේශපාලන විද්‍යාව හදාරන්නන් එහි අර්ථය එයට වඩා තරමක් ගැඹුරින් අව‍බෝධ කරගත යුතුය.

👉 රට අනුව පාලක දේශපාලන පක්ෂ ලැයිස්තුව

මෙය එක් එක් රටවල දේශපාලන පක්ෂ ලැයිස්තුවට සබැඳියාවක් සහිතව වගුවක ආකාරයට පිලියෙළ කර ඇති හා කවර පක්ෂ ක්‍රමයක් එක් එක් රටෙහි ප්‍රමුඛ ලෙස පවතීද යන්නද දක්වන රට අනුව දේශපාලන පක්ෂයන්හි දළ විශ්ලේෂණයකි දේශපාලන පක්ෂයක් යනු සාමාන්‍යයෙන් මැතිවරණවලට මුහුණ දී බලයට පත්වීමේ අභිලාෂය සහිතව කිසියම් මූලධර්මයකට දායක වෙමින් හෝ විශේෂ කරුණු නාරණා මත පදනම් වී හෝ පිහිටුවා ඇති දේශපාලන සංවිධානයකි . එක් එක් රට යටතේ විවිධ පක්ෂ පිළිබඳ විස්තර වෙන් වශයෙන් ලබා ගත හැකි වන පරිදි ලැයිස්තු ගත කර ඇත.

👉 දේශපාලන පක්ෂ- political parties

දේශපාලන පක්ෂයක් යනු මැතිවරණ ව්‍යාපාරයන්හී යෙදෙමින් රජයක් තුල දේශපාලන බලතල ලබාගැනිම ට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි. මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරකරමින් ඡන්දය ලබාගැනිම මේවා සිදූ කරයි.

👉 දේශපාලන සංස්කෘතිය 

යනු රටවැසියන්ගේ දේශපාලන හැඩ ගැස්ම,දේශපාලන ‍නෛතික භාවය පිළිබදව ඔවුන්ගේ හැඩ ගැස්ම,දේශපාලන ක්‍රියාවලියේ සම්ප්‍රදායන් සහ දේශපාලන සමාජයක් ගොඩනැගීම සඳහා තෝරා පත් කරගත් පුද්ගලයන්ගේ අදහස් ය.

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා