Skip to main content

භුගෝල විද්‍යාව

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

💥 භූගෝල විද්‍යාව 

යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් (Eratosthenes) ය.

එදා ඇමරිකානු රතු ඉන්දියානු නායක සියැටල් පැවසූ පරිදි මිහිමත ඇති සෑම ජීවයක්ම මිනිසා නිර්මාණය කරණ ලද්දක් නොවේ. එය ස්වභාව ධර්මයා නැමැති දැලෙහි මිනිසා යනු එක් නූල් හුයක් පමණි.එනම් මිහිමත ඇති සෑම භෞතිකමය සහ භෞතිකමය නොවන සෑම වස්තුවකටම ඉතා ඈත අතීතයක් පවතී.(276-194 BC) මේ විෂයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලේෂණය (Special analysis), ප්‍රදේශය පිළිබඳ හැදැරීම සහ පෘථිවිය පිළිබඳ අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුළ භූගෝලය පමණක් ගැන නොව එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබඳවද සාකච්ඡා වේ. භූගෝල විද‍‍්‍යා විෂය ක්ෂත්‍රයේදී භෞතික සහඅභෞතිකමය වස්තූන්ගේ උපතේ සිට මෑතකාලීන පැවැත්ම දක්වා ක්‍රමීය විකාශනයක් ඉදිරිපත් කරයි.

ප්‍රධාන ලෙස භූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රය ප්‍රධාන තේමා ඒකක ත්‍රිත්වයක් යටතේ අධ්‍යනය කෙරෙයි. එනම්,

  1. භෞතික භූගෝල විද්‍යාව
  2. මානුෂික භූගෝල විද්‍යාව
  3. ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනුවෙනි.

මෙලෙස ඒකක ත්‍රිත්වයක් යටතේ එකිනෙකට වෙනස් වූ අනුතේමා රැසක් යටතේ අධ්‍යනය කෙරෙයි.

💥 යුධ භූගෝලීය විද්‍යාව 

යනු භූගෝල විද්‍යාවේ උප ඒකකයක් වුවද එය යුධ කටයුතුවලටම වෙන් නොවූවකි. එහෙත් දේශපාලකයින් සහ ශාස්ත්‍රඥයින් එම විෂයය දෙස යුධවාදී ඇසකින් බැලීම හේතුවෙන් යුධ භූගෝල විද්‍යාව, යුධ විෂයන් බවට පත්ව ඇත. II ලෝක යුද්ධයෙන් පසුව යුධ භූගෝල විද්‍යාව යුද්ධයකදී හෝ සාමයකදී යුධ ප්‍රශ්න විසඳීම සඳහා ලබා දුන්නේ ප්‍රබල සහායකි. මෙම සහායන් ලබා දීමට යුධ භූගෝල විද්‍යාඥයින් භූ දේශපාලනයේ සිට භෞතික පිහිටීම් දක්වා වූ විවිධ අංශ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. එසේම යුධ වාතාවරණයකදී බලපැවැත්වෙන සංස්කෘතික සහ ආර්ථිකමය සාධක පිළිබඳව ද ඔවුන් විශේෂ අවධානයක් යොමුකළ යුතු වේ. යුධ භූගෝල විද්‍යාව යනු භූදේශපාලනික පාලනයේදී ත්‍රස්තවාදයට එරෙහිව ඉදිරිපත්වන ප්‍රධාන අංගය වේ.

💥 ප්‍රවාහන භූගෝලවිද්‍යාව 

යනු, මිනිසුන් බඩු ප්‍රවාහනයේ හා ‍තොරතුරු වල අවකාශීය සම්බන්ධතාව සොයා බලන භූගෝල විද්‍යාවේ අංශයයි. එය මිනිසුන් තම වාහන හෝ තවත් ප්‍රවාහන මාධ්‍ය උපකාර කරගෙන ගමනාගමනය හෝ වෙළඳ පොළට නිමැවුම් භාණ්ඩ හා අමු ද්‍රව්‍ය සැපයීම ලෙස සැලකිය හැක. මෙය ආර්ථික භූගෝලීය විද්‍යාවේ කොටසකි. ප්‍රවාහන මාධ්‍යයන් ක්ෂණික, නොමිලේ සැපයෙන, සීමාරහිත ඉඩකඩක් සහිත සැමවිටම ගත හැකි ලෙස සැකසී ඇත්නම් එය විශිෂ්ඨ ප්‍රවාහන මාධ්‍යයකි. නමුත් සැබෑ ජීවිතයේදී මාර්ග තැනී‍මේදී අවකාශය සීමාවක් බවට පත්වේ. ප්‍රවාහනය ආර්ථික ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකි අතර එය අනෙක් ඒවායින් වෙනස්වේ. එය අවකාශය හා කාලය හුවමාරුවෙන් මුදල් ලබා ගනී (මර්ලින් - 1992) භූගෝල විද්‍යාව හා ප්‍රවාහන යන දෙකටම පොදු කරුණක් ලෙස මිනිසුන්, භාණ්ඩ හා තොරතුරු වල චලනය දැක්විය හැක.

💥 ඓතිහාසික භූගෝල විද්‍යාව 

යනු මානුෂීය භෞතික පරිකල්පිත න්‍යායාත්මක හා සත්‍ය භූ ශාස්ත්‍රයන් අධ්‍යයනය කිරීමයි. ඓතිහාසික භූගෝලීය විද්‍යාව නිසා විශාල විවිධත්වයකින් යුත් ගැ‍ටළු හා මාතෘකා අධ්‍යයනය කරනු ලබයි. කලාපයක් හා ස්ථානයක් කාලයත් සමග වෙනස් වන ආකාරය හා අතීතයේ වු භූ විද්‍යාවන් අධ්‍යයනය කිරීම පොදු තේමාවක් වේ. සංස්කෘතික භූ දර්ශන ගොඩ නැගීම හා පුද්ගලයෙකු තමන්ගේ පරිසර සමග ඇති අන්තර් ක්‍රියාකාරීත්වය ද ඇතුළත්ව බොහෝ ඓතිහාසික භූ විද්‍යාඥයන් කාලයත් සමග භූ විද්‍යාත්මක රටා අධ්‍යයනය කරනු ලබයි.

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා